Search
  • Priyantha Bandara

Landscape Photography සහ වලාකුළු


Landscape Photography දැණුම ටිකක් බෙදා දෙන්නයි මේ සුදානම. දැන් දැන් ගොඩ දෙනෙක් ශ්‍රී ලංකාවේ සුන්දර පරිසරයන් සොයාගෙන නිතරම කරක් ගහන නිසා ඔය ගොල්ලන්ට මං මේ විටින් විට ගෙන එන මේ පුංචි පුංචි tips ගොඩක් ප්‍රයෝජනවත් වේවි. Landscape Photography ගොඩක් දෙනෙක් හරිම ලේසියි කියල හිතාගෙන හිටියට ඇත්තටම ගොඩක් කැපවීමකින් ඒ වගේම දැනුමකින් කරන්න ඕනේ දෙයක්. ඉතින් ඉදිරියට Landscape Photography එනම් භුමි දර්ශනයක් පින්තුරගත කරන්න යන ඔබට වැදගත් වෙයි කියල හිතලයි මේ දේවල් ලියන්නේ.

අද මම කතා කරන්නේ වලාකුළු ගැන. වලාකුළු කියන්නේ Landscape Photograph එකකට ගොඩක්ම වෙලාවට නැතුවම බැරි අංගයක්. අපි දන්නවා සුන්දර අහසකට Landscape Photograph එකක් හිතාගන්න බැරි තරම් ලස්සන කරන්න පුළුවන්. වලාකුළු වල හැඩය සහ වර්ණය පින්තුරයේ අන්තර්ගත ප්‍රදේශයට සහ වෙලාවට බොහෝ දුරට තවත් අරුතක් සහ වටිනාකම එක කරන්වය. ඒත් ගොඩක් දෙනා මේ වලාකුළු වල සහ Landscape Photograph එකක තියෙන සම්බන්ධය ගැන අඩු තක්සේරුවක් තමයි කරන්නේ. කියන්න කනගාටුයි හිස් එහෙමත් නැත්නම් සුන්දර වලාකුළු ඇති තරමට පින්තුරයේ නැත්නම් පින්තුරය ගොඩක් සමබර කමින් අඩු වීමත් ඒ වගේම එහි dramatic ගතිය අඩු වීමකුත් සිදු වෙනවා. එම නිසා හැකි සෑම විටකම landscape photograph එකක් ගන්න යන අවස්තාවන් වලදී තමන් හසු කරගන්න රාමුව තුල අහස ඇතුලත් නම් එම අහසේ වලාකුළු වල තත්වය පිළිබඳව විමසිලිවත් වන්න. ඔබ හිතනවා ඇති වලාකුළු වැනි දෙයක් කිසි සේත්ම තමන්ගේ පාලනයේ නොතිබෙන දෙයක් නිසා ඒ ගැන ඔබට කරන්න පුළුවන් මොනවද කියන එක. පුද්ගලිකව මේ සඳහා මම පිළිපදින ක්‍රම දෙකක් තියෙනවා.

එකක් තමයි පින්තුරයේ මුල් අවස්ථාවේදී හැකි තරම් detail සහිතව වලාකුළු සහිත ප්‍රදේශ රාමුවට හසුකරගෙන පසුව post processing (පසු සැකසුම් ) අවස්ථාවේදී එහි පෙනුම වඩාත් තීව්ර වන අයුරින් පින්තුරය සැකසීම. මේ ක්‍රමය සඳහා අහසේ යම්කිසි හෝ තරමින් වලාකුලූ තිබීම වැදගත්. දෙවැනි ක්‍රමය නම් අහස හිස් හෝ වලාකුළු වල හැඩය/ඝනත්වය/වටිනාකම/වර්ණය ඉතා අඩු තත්වයක පවතීනම් එම ස්ථානය වෙත ඒ දවසේම තවත් වෙලාවක හෝ වෙනත් දවසක නැවත පැමිණ උත්සාහ කිරීම. (මන් කලිම කිව්වනේ මේක ලේසි දෙයක් නෙමෙයි කියල).

තෙවැනි ක්‍රමයකුත් තිබෙනවා නමුත් එය තමන්ගේ කැමැත්ත පරිදි සහ තමන් නියෝජනය කරන පින්තුර ප්‍රභේදය පිළිබඳව නිසි අවබෝධයකින් කල යුතු බව සිහි තබා ගන්න. ඒ තමයි post process වලදී අහස් ප්‍රදේශය වෙනත් අවස්තාවක ලබාගත් වලාකුළු සහිත පින්තුරයක් යොදාගනිමින් පුරවා ගැනීම එහෙමත් නැත්නම් replace කිරීම. මේ ක්‍රමය ඔබ artistic landscape photograph එකක් අවසන් ප්‍රතිපලය ලෙස ලබාගන්නට සිදු කිරීමේ වරදක් නැති අතර තාත්වික landscape photograph එකක් සඳහා නොකළ යුතු වෙයි. එමෙන්ම photography competition වලට මෙවැනි සකසාගත් landscape photographs ඇතුලත් කිරීම නොකළ යුතු බවත් සිතේ තබාගන්න. බොහෝ විට photography competition වලදී තෝරාගත් සහ දිනුම් ලැබූ landscape සහ wild life ඛාණ්ඩ වල පින්තුර වල මුල් පිටපත් ඉල්ලා සිටීමේ හැකියාවක් තිබෙනවා.

දැන් ඔබට landscape photograph එකකට වලාකුළු වල වටිනාකම ගැන යම් කිසි වෙනස් අවබෝධයක් ලැබෙන්නට ඇති. වලාකුළු වැදගත් අංගයක් වෙනවා වගේම පින්තුරයේ වලාකුළු සහිත ප්‍රදේශයට ඕනෑවට වඩා ඝනත්වයක් සහ ඉඩක් ලබා දීමෙන් බොහෝ විට සම්පුර්න පින්තුරයට හානියක් වෙන බවත් සිත් තියාගන්න. ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නැනේ. ඒ වගේම තමයි වලාකුළු landscape photograph එකකට අත්‍යාවශ්‍යය අන්ගයකුත් නොවෙයි. වලාකුළු නොමැති එත් ඉතාමත්ම සුන්දර පින්තුරත් ඕනේතරම් තියෙනවා.


16 views