Search
  • Priyantha Bandara

Landscape Photography වලදී reflections භාවිතය

Updated: Jan 12


තාත්වික සහ කෘතීම ලෝකයේ ප්‍රතිබිම්බ එනම් reflections සුලබයි. මේවා photography වලදී හරි ලෙස භාවිතා කිරීම තුලින් පින්තුරයක ගුණය වැඩිකර ගන්න පුළුවනි. විශේෂයෙන්ම landscape photography වලදී reflections වලින් පින්තුරයට ලැබෙන ජීවය ඉතා ඉහලයි, මොකද සැබෑ ලෝකයේ reflections සුලබ වශයෙන් ඇති නමුත් බොහොමයක් පින්තුරවල ඒ ගැන වැඩි තැකීමක් නොකෙරෙන බැවින්. එහෙත් landscapephotography වලදී නිතරම හමු වෙන ජලාශ්‍රිත ප්‍රදේශ වල reflections බහුල බැවින් ඒවා රාමුවට සරිලන පරිදි හසුකර ගැනීමෙන් ඔබ පෙන්වන්නට හදන පරිසරයේ ඇති සැබෑ සුන්දරත්වය තවත් උද්දීපනය කල හැකියි. එහමනම් මීළඟට ඔබ කරන landscape photograph එකේ reflections යොදාගන්නට ඔබ සිතුවානම් මේ මන් සඳහන් කරන tips කිහිපය ඔබට ප්‍රයෝජනවත් වෙයි කියා හිතනවා. Reflection එකක් හරියට හසුකරගැනීමට නම් ජලය බොහෝදුරට නිසල අවස්තාවක් විය යුතුයි. ජලයේ මේ ගුණය වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ උදැසනයි. එයට හේතුව වන්නේ පරිසරයේ සුලන් හැමීම ඉතාමත්ම අවම මට්ටමක පවතින නිසා. හිරු නැගී කාලය ගතවීමත් සමග සුලන්වල ප්‍රබලත්වය වැඩි වීම නිසා ජලයේ නිසල ගතිය අඩුවී එහි පිළිබිඹුව අපැහැදිලි වෙනවා. කොහොම නමුත් ND filters පාවිච්චි කරනවානම්, පින්තුරයට වැඩි exposure time එකක් දීලත් ජලයේ smoothness එක වැඩිකරගන්න පුළුවන්මේ. බව ඔබට හොඳින් දැකගන්න පුලූවන් එකම ජලාශ්‍රිත ප්‍රදේශයක් උදෑසනක සහ දහවලක නිරීක්ෂණය කලොත්. ඒ වගේම තමයි රාත්‍රී කාලයේත් ජලයේ නිසල බව වැඩි නිසා නගරයක දර්ශන ගන්න අවස්තාවන් වල ජලාශ්‍රිය ප්‍රදේශවල reflections රාත්‍රියට ඉතා හොඳින් යොදා ගත හැකියි. මෙවැනි අවස්තාවන් වල ජලය එතරම්ම නිසල නැතත් නාගරිකව ඇති පහන් එළිවල සුන්දරත්වය ජලයේ ඉතා හොඳින් සටහන් වෙනවා. Landscape photograph එකක් සඳහා රාත්‍රියේදී reflections යොදා ගැනීම කල හැකි නමුත් එය දුෂ්කර කාර්යයක්.



විශේෂයෙන්ම reflection එකක් ගොඩක්ම සාර්ථකව දිස්වන්නේ වැවු ආශ්‍රිතව වන අතර ගන්ගාවකනම් ජලයේ බැස්ම අඩු ඒ වගේම ඉතා සෙමෙන් සිදු වෙන ප්‍රදේශ වල. ඒ වගේම තමයි reflection එකක් රාමුවේ සටහන් කරගන්නා අවස්ථා වල ක්ෂිතිජ රේඛාව එනම් horizon එක පින්තුරයේ හරි මැදින් පිහිටුවීම එතරම්ම පිළිගත් ක්‍රමයක් නොවෙයි. එම නිසා එය පින්තුරයේ හරි මැදට මදක් පහලින් හෝ ඉහලින් පිහිටුවීමයි කෙරෙන්නේ. නමුත් මෙය නීතියක් නොවන අතර එය අත්හදාබැලීම් සඳහා විවෘතයි. එහෙනම් ඔබ landscape photograph එකක් ගැනීමට පෙරසුදානම් වෙනවානම් ඉහත කරුණු ගැනත් ගැන සැලකිල්ලෙන් සිටින්න.Happy Shooting!!


9 views