අපිටගොඩක්ම වෙලාවට නවක photographersලාගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි photography field එකේ ඉන්න ප්‍රවීනයින් කුහකයි කියන එක. ඒක නිසාම ප්‍රවීනයින් නවකයින්ට උඩට එන්න අත දීල encourage කරනවා වෙනුවට, නවකයින්ගේ නිර්මාණ හැල්ලුවට ලක් කරලා ඒගොල්ලන්ව discourage කරනවා කියන එක තමයි පොදු මතය. ඒත් මේකතාව හරිද ? ප්‍රවීණයෝ ඇත්තටම කුහකද ?
මේක ලිහන්න කලින් අපි බලමු ඔය ප්‍රවීනය කියන්නේ කවුද, නවකය කියන්නේ කවුදකියල.
ප්‍රවීනය කියන්නේ, photography field එකේ ගොඩක් කාලයක්වැඩ කරපු කට්ටිය. වැඩ කිව්වම, ෆොටෝ ගන්න එකම නෙමෙයි එකම වැඩේ . ෆොටෝගැනීමට අමතරව, field එක ගැන පොතපත ලිවිම, ප්‍රදර්ශන පැවැත්වීම, වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීම, පර්යේෂණ කිරීම, විශ්ලේෂණ කිරීම, දැනුම එකතු කිරීම, දැනුම බෙදාහැරීම, උපකරණ නිපදවීම සහ ඒවාට නිපදවීමට දායක වීම වගේ දේවලුත් කාලයක් කරනකොට ඔවුන් photography සම්බන්ධ ප්‍රවීනයින් බවට පත්වෙනවා. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තම ප්‍රවීනය ෆොටෝගන්න යොදවන කාලයට වැඩිය කාලයක් photography ගැන අනෙක් දේවල්වලට යොදවනවා.
ඒ කියන්නේ කොටින්ම ප්‍රවීනයෙක් කියනකෙනාව එයාගේ ෆොටෝ විතරක්ම බලල මනින්න පුළුවන් මිම්මක් නෙමෙයි. අපි පිළිගන්න ඕනේ,ප්‍රවිනයක් කරනවැඩ කොටස නොමැතිව, photography කියන field එකට ඉදිරි ගමනක් නැහැ කියන එක. ඒ කියන්නේ, photography කියන field එක ඉදිරියට ගෙනියනකොට ඒකෙ මුලින්ම ගමන් කරන්නේ ප්‍රවීණයෝ. ඔය හේතුව නිසාම , ප්‍රවීනය කියන පුද්ගලයාට photography වලටතියෙන්නේ කැමැත්ත සහ ආදරයට එහා ගිය දෙයක්. Photography කියන්නේ ප්‍රවිනයෙකුට හරියට ජීවිතය වගේ. ගොඩක් වගකීම්වලින් සමන්විත, හරිම බර වගේම හිතට ගොඩක් සමීප දෙයක්. හරියට කිව්වොත් ප්‍රවීනය කියන්නේ ළමයි ඉන්න තාත්ත කෙනෙක් වගේ. එයා ඉන්නේ බොළඳ ආදරය කියන අවධිය පහුකරලා, වගකීම සහ තමන් සහ තමන්ගේ පවුලේ පැවැත්ම ගැන ගොඩක් හිතන අවදියක.
නවකය කියන්නේ ප්‍රවිනයගේ ජිවිතේ මුල්ම අවදිය. අර කිව්ව තාත්තගේ කොලු කාලේ කිව්වොත් හරි. නවකය දඩබ්බරයි, නීති රීති වලට වැඩි කැමැත්තක් නැහැ. ඕනේ දෙයක් ප්‍රීති වෙසක් නවකයාට. ප්‍රවිනය වගේම නවකයත් හැබැයි ගොඩක් වැඩකරනවා. ගොඩක් ෆොටෝ ගන්නවා. ෆොටෝ ගන්න තමයි ගොඩක්ම වෙලාව යොදවන්නේ. නවකයත් පරයේෂණ කරනවා. විශ්ලේෂණ කරනවා. එහෙම කරන්නේ photography ගැන අලුත්දැනුම හොයන්න නෙමෙයි. තියෙන දැනුම ගැන දැනුවත් වෙන්න. මෙහෙම කරනකොට නවකයාට photography ගැන පට්ට ආදරයක් ඇතිවෙනවා. මොකද photography නිසා තමන්ගේ ජීවිතයට අලුත් අරුතක් එකතුවෙන බව නවකයාට දැනෙන නිසා. හරියට කොල්ලට කෙල්ලෙක් සෙට් උනා වගේ. මාරම ත්‍රිල් එකේ තමයි නවකය ඉන්නේ. නවකය නිතැතින්ම හිතනවා තමන්ට ලැබෙන මේ සියල්ල තමන්ගේම උත්සාහයෙන් ලැබෙන දේවල් කියල. කොලු කාලෙට හැමෝම හිතන්නේ එහෙම තමයි. ඒක නිසා තමන්ගේ පින්තුර ගැන හැම වෙලේම ආඩම්බරෙන් තමයි ඉන්නේ. තමන්ගේ කෙල්ල ගැන තමන්ට ඉතින් ආඩම්බර නැත්නම් වැඩකුත් නැනේ.
දැන්අපි එමු ඇයි මේ ප්‍රවිනයයි නවකයයි ගැටෙන්නේ කියල.
නවකයාට විනෝදයක් වුනාට ප්‍රවිනයට photography කියන්නේ වගකීමක්, ඒක නිසාම ප්‍රවීනය විශ්වාස කරනවා photography දිගටම පවතින්නනම් ඒක යම්කිසි රාමුවක් ඇතුලේ තියෙන්න ඕනේ කියල. මේක සාධාරණය සිතුවිල්ලක් වුනත්, සර්වසාධාරණ එකකුත් නෙමෙයි. මොකද ඕනෙම විෂයක් කාලයත් එක්ක නිතරම වෙනස් වෙන්න අවශ්‍යයි. වෙනස් නොවෙන දේවල් නැතිවෙලා යන්නත් පුළුවන්. මේ සිතුවිල්ල නිසාම නවකයෙක් රාමුවෙන් පිට දෙයක් කරනව දැක්කම ඒක වැරදි කියල හිතන්න ගොඩක් වෙලාවට පෙළඹෙනවා. සමහරවෙලාවට මේ අලුත් දේ වැරදි නොවෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. ඒත් , ප්‍රවීනය ඒකට මුල්න්ම resist කරන එක තමයි කරන්නේ.
ඊළඟ කාරණය තමයි ප්‍රවිනයට අත්දැකීම් බහුල නිසාම, නවකය හැරෙනකොටම පොල් පැලේට වෙන දේ පේනවා. නවකය පැලේ කන්න යනවා වගේනම් ප්‍රවීනය පැනල පැලේ බේරගන්න හදනවා. මොකද photography පැලේ එයාගේ වගකිමනේ. Photography වල තියෙන මුලික සිද්ධාන්ත සහ කලාව කියන දේවල් එක්ක නවකය සෙල්ලම් කරනවා දකිනකොට ප්‍රවිනය ගොඩක් සංවේදී වෙනවා. හරියට තමන් අමාරුවෙන් හදා වඩා ගත්ත දෙකට කවුරුහරි අරියාදු කරනවා වගේ.
ඔය කාරණා ප්‍රවීනය නොයෙක් ආකාරයෙන් නවකයාට ප්‍රකාශ කරනවා. සමහරු ව්‍යංගයෙන් කියනවා. සමහරු කෙලින්ම දමල ගහනව. තවත් ප්‍රවීණයෝ තමන් දන්න තරම පෙන්වන්න ලොකු ලොකු බර වචන දාල දෙනවා. ඒ කොහොම කලත්, ප්‍රවීනය ඇඟිල්ල දික් කරන්නේ photography කියන තමන් දේවත්වයෙන් සලකන දේට කෙනෙහිලිකම් කරන ක්‍රමයට සහ එයින් photography වලට වෙන හානියට මිසක්, තනි පුද්ගලයෙකුට නෙමෙයි.
දැන් මේ වෙලාවේ නවකයාට වෙන්නේ මොකක්ද කියලත් බලන්න ඕනේ. නවකය අත්දැකීම් අඩු කොලු ගැටයෙක්. හැබැයි හිතන් ඉන්නේ ඔක්කොම දන්නවා කියල. ඒ වගේම නවකයත් photography වලට ආදරෙයි හැබැයි එයාට අර ප්‍රවිනයට පෙනෙන රාමුව සහ නීති පෙන්නේ නැහැ, වැරදි පෙනෙන්නෙත් නැහැ. ඒවා පේන්න තරම් නවකය මෝරලා නැහැ. ප්‍රවිනයගේ resistance එක නවකයාට පේන්නේ තමන්ට පුද්ගලිකව කරන ද්‍රෝහී කමක් වගේ.
නවකය කැමතියි දේවල් අත්හදා බලන්න. එහෙම කරනකොට ගොඩක්ම නවකයෝ photography වල පිළිගත් රාමුවෙන් පිටට පනිනවා.විශේෂයෙන්ම, photography ගැන ඒ ගොල්ලො දැනුම ලබාගන්නේ අවිධිමත් ක්‍රම වලින් නිසා, රාමුව කියන්නේ මොකක්ද කියන එක ගැනත් නවකයින්ට ලොකු දැනුමක් නැහැ. කොහොම වුනත් නවකයාට තියෙනවා ප්‍රවිනයට වැඩිය ලොකු energy එකක්. මේ energy එකම තමයි නවකයව ප්‍රවීනයෙක් බවට පත් කරන්නේ කාලයත් එක්කම.
ඔය කාරනා ටික බැලුවම පෙනෙන දෙයක් තමයි, ප්‍රවීනයන් සහ නවකයන් අතර ගොඩක්ම තියෙන්නේ communication gap එකක් කියන එක. කොටින්ම කියනවනම්, තාත්තල සහ පුතාල අතර වගේ. තාත්තගේ දැන උගත්කම් වලින් පුතාලට ඇති වැඩක් නැහැ එක වයසකදී. ඒක නිසා තාත්තල දැනගන්න ඕනේ පුතාලගේ attitude එකට හරියන විදිහට ඕනෙම දෙයක් පැහැදිලි කරන එක. එහෙම කලාම ප්‍රශ්න ගොඩක් විසඳගන්න වගේම පුතාව යහ මගට ගන්නත් පුළුවන්.
ඒ වගේම තමයි නවකයොත් දැනගන්න ඕනේ ප්‍රවීනයන් කියන්නේ photography field එකට ජීවිතේම කැප කරපු සංවේදී මිනිස්සු කොටසක් කියන එක. නවකය ඉන්නේ පොකුනකනම්, ප්‍රවීනය වැවක් වගේ. එකම වැඩේ ගොඩක් නවකයෝ පොකුනේදීම ඉවර වෙනවා. ඉතුරුවෙන නවකයෝ වැවට පනිනවා. මේ නිසාම ඉතාමත්ම හොඳින් තමන්ගේ විෂය කරගෙන යන නවකය ප්‍රවීනය කොහොම තමන්ගේ ෆොටෝ විවේචනය කලත්, ඒක positive විදිහට දැකල ඒ විවේචනයේ හරය පමණක් සොයන්න බලනව. සමහර විට ඒ විවේචනය හරි එකක් නොවෙන්න පුළුවන්. එහෙම වුනොත් හරවත් සංවාදයක් ගොඩනගාගන්න බලනවා.
අද අපිට නැත්තේ මේ හරවත් සංවාදය. මේකට නවකය වගේම ප්‍රවිනයත් වගකියන්න ඕනේ.
ප්‍රවීනය ලොකු ටෝක් දෙන තැන ගොඩක්ම ඉන්නේ නවකයෝ නම් ඒ ටෝක් එක විහිළුවට ලක්වෙනවා. මොකද නවකයාට ඒක දිරවන්න තරම් මොළේ ඇසිඩ් නැති නිසා. එහෙම තැනක ප්‍රවීනයෙක් තමන්ගේ අදහස ප්‍රකාශ කරනකොට නවකයාට ඒ අදහසට එකතුවෙන්න පුළුවන් මට්ටමේ සරලභාවයක් ඇතුව ප්‍රකාශ කරන්න ඕනේ.
ඒ වගේම නවකයත් හැම වෙලේම ප්‍රවිනයත් එක්ක එල්ලෙන්න යන්නේ නැතුව, ප්‍රවිනයගෙන් තමන්ට ගන්න පුළුවන් උපරිම හොඳ දේවල් ගන්න තරම් උපායශීලි වෙන්න ඕනේ.
හැමෝම එක විදිහ නෙමෙයි. හැබැයි හැමෝම කැමති තමන්ට අනෙක් කට්ටිය ගරු කරනවානම්. ඒක ප්‍රවිනයටත් නවකයටත් පොදුයි. ඒ වගේම ප්‍රවීන සහ අලුත් හැමෝටම තමන් කාලයක් තිස්සේ එල්ලගත්ත බෝඩ් කෑලි , නම්බු නාම, විශ්වාව, දැණුම වගේ දේවල් තියෙනවා. මේ දේවල් ඔක්කොම තමන්ගේ මට්ටම් පමණක් බව මතක තියාගෙන අනෙක් මිනිස්සුත් එක්ක හැසිරෙන්න ඕනේ. එහෙම කලාම ඔය මත හුවමාරුව ගැටුම් වලින් කෙලවර වෙන්නේ නැහැ.
විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමයි, ඕනෙම කෙනෙක් තවත් කෙනෙක් කියන දෙයක් තරයේ ප්‍රතික්ෂේප කිරීමෙන් වෙන්නේ, අලුත් යමක් ඉගෙන ගැනීමේ හරි, තමන්ගේ වැරද්දක් හදා ගැනීමේ හරි අවස්තාව මග හැරෙනවා කියන එකයි. ප්‍රවීන වුනත්, නවක වුනත් අපි මැරෙනකම්ම ඉගෙන ගන්න මිනිස්සු වෙන්න ඕනේ.
ලිව්වේ ප්‍රියන්ත බණ්ඩාර
මටත් අලුතෙන් හිතන්න දෙයක් පුතේ. මැද පරපුරේ කෙනෙක් හැටියට ඔයාට ගොඩක් දුර පෙනෙනවා. බොහොම ස්තූතියි..!