top of page
  • Writer's picturePriyantha Bandara

"අයිස්ලන්තයේ අරුමැසිය - කළු පැහැ වෙරල තිරයේ අසිරිය සොයා"

"අද" ජාතික පුවත්පතේ මම ලියපු ලිපියක් පල වුනා. මේ එම සම්පුර්ණ ලිපිය


අයිස්ලන්තය ඉතා සුන්දර රටක් වගේම විෂම දේශගුණයක් සහිත රටක්. විශේෂයෙන්ම එය උත්තර ද්‍රවයට ඉතාමත්ම ආසන්න රටක් නිසා එහි සුළන්ගේ වේගය මෙන්ම මුහුදු රළවල ප්‍රචණ්ඩත්වය සැම විටකම වෙනස වෙනවා.

මේ අයිස්ලන්තයේ Reynisfjara Black Sand වෙරළේ රාමු කිහිපයක්. බැලු බැල්මට පෙනෙනවා ඇති මේ මුහුදු වෙරළේ වැලි අපිට සුපුරුදු පැහැය නොවෙන බව. මේ වැලි ඇත්තටම කළු පාටයි. එය එසේ සිදුවෙන්නේ මේ වැලි වසර බිලියන ගණනක ගිනිකඳු ආශ්‍රිත ක්‍රියාකාරකම් නිසා එහි අඩංගු වෙන basalt, andesite, සහ volcanic glass කියන ද්‍රව්‍යන් නිසා. එමෙන්ම මේ ගිනිකඳු ද්‍රව්‍යන්ගේ ප්‍රදානම අංගයක් වෙන යකඩ නිසා මේ වැලි ඝන කළු වර්ණයක් ගන්නව.

අයිස්ලන්තයේ ඇති කළු වැලි සහිත වෙරළවල් 5කින් ප්‍රසිද්ධම වෙරල වන්නේ මෙයයි. මේ වෙරල අයිස්ලන්තයේ අග නුවර සිට 180km දකුණෙන් පිහිටා ඇති අතර 1991 වසරේදී National Geographic විසින් නිවර්තන නොවන හොඳම වෙරල තීරය ලෙස නම් කෙරුණා. මෑතකදී ප්‍රසිද්ධ වුනු Game of Thrones කතා මාලාවේද මෙම වෙරළේ දර්ශන දකින්නට පුළුවන්. කෙසේ නමුදු, මෙම වෙරළ තීරයේ ඇති Sneaker Waves (හොරෙන් පැමිණෙන රළ) නමැති මුහුදු රළ විශේෂය නිසා කිසි විටෙකත් මුහුද දෙසට පිටුපා සිටගෙන නොසිටින ලෙසයි අවවාද කෙරෙන්නේ.



මා මෙහි පින්තුර ගැනීමට යන විට ඉර බැස යමින් තිබුණු අතර, රළ ඉතා සීග්‍රයෙන් වෙරළ ආක්‍රමණය කරමින් ඉහලට පැමිණෙමින් තිබුනා. විශාල ඝන වලාවකින් අහස වැසෙමින් තිබුනේ තද වැස්සක් ළඟ ළඟ එන බව අඟවමින්. කාලය සමග පොර බැදීමක සලකුණු පෙනුණු බැවින් මා ඉතාමත්ම යුහුසුළුව පින්තුර ගැනීමට පටන් ගත්ත. ඒත් නොදැනුවත්වම එක අවස්ථාවාදී මා රළට මැදිවුණු අතර මගේ දණහිසක් දක්වා අයිස් මෙන් සීතල මුහුදුරළ නැගුනා. එම අවස්ථාවේදී කිරීමට කිසිදෙයක් නොවුණු අතර, එක අතකින් මගේ tripod එකට සවිකළ කැමරාව ඉහලට ඔසවාගෙන රළ බැස යනතුරු සිටගෙන සිටියා. රළ පහර කෙතරම් වෙලාවක් මා වටකර සිටියාද යන්න මට සිතීමටවත් නොහැකි වුනේ, රළ පහරින් මගේ දෙපයට යටින් ඇති වැලි සීග්‍රයෙන් හැරෙමින් යන බව මට වැටහුණු බැවින්. ඒ මොහොතේ මගේ එකම අරමුණ වුනේ කෙසේ හෝ නොවැටී සිටිමින් මගේ ජීවිතයත් කැමරාවත් යන දෙකම බේරා ගැනීමයි.

ජලයෙන් ආරක්‍ෂිත සපත්තු සහ කලිසමක් මා ඇඳ සිටියත්, මගේ සපත්තු ඇතුල පබළු මෙන් දිලිසෙන කළු වර්ණ වැලි වලින් පිරි ගියා. අයිස්ලන්තයේ මා ඉන්පසු ගතකල දින ගණනාව පුරාම වගේම ශ්‍රී ලංකාවට නැවත පැමිණි පසුත් මෙම වැලි සපත්තු වලින් සුද්ද කිරීමට මට සිදු උනා.

මේ පින්තුර සමහර ගත්තේ ඊට මද වෙලාවකට පසුව වෙරල කොනක තිබු විශාල ගල් ගුහාවක් ඇතුලේ සිටයි. නමුත් එම ගුහාවද වතුරෙන් පිරි යන්නට පටන් ගත් බැවින් වැඩි වෙලාවක් මෙම වෙරළෙහි ගත කිරීමට ඉඩ ලැබුනේ නැහැ.

මේ පින්තුර සියල්ලම ලබා ගත්තේ Canon 5D Miii කැමරාවක් සහ Canon 16-35mm කාචයක් උපයෝගී කරගෙනයි. එමෙන්ම මෙවැනි කලාත්මක භූමිදර්ශන පින්තුර සඳහා ND filters යොදා ගන්නවා ලිව්වේ - ප්‍රියන්ත බණ්ඩාර (සංචරණ සහ භූමිදර්ශන ඡායාරුපශිල්පි)




37 views0 comments
bottom of page